ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මයියා ගුණසේකරට

179

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත් කර ඇත.

ඇමැතිවරයා විසින් පත්කරන ලද එම නව ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් ධුරය අයි. යූ. වික්‍රමසූරිය මහතාට පවරා ඇත.

ක්‍රීඩා ඇමැතිවරයාට අදාළ විෂය කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය තැන්හි උපදෙස් දීමේ අරමුණෙන් ඇමැතිවරයාගේ තෝරා ගැනීම් මත ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩා පනත අනුව පත් කෙරේ.

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමග ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතාගේ සභාපති ධුරයද අහෝසි වී ගියේය.

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයෝ ලෙස ශ්‍රියානි කුලවංශ, විශ්‍රාමික මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි, මහාචාර්ය අර්ජුන ද සිල්වා, පණ්ඩුක කීර්ති නන්ද, ආනා පුංචිහේවා, මලික් කාදර්, එස්. වී. ඩී. නානායක්කාර, හෆීෂ් මර්සු, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ජයසූරිය, අනුරාධා ඉලේපෙරුම, මහාචාර්ය ෂමල් ප්‍රනාන්දු සහ කමල් දේශප්‍රිය යන මහත්ම මහත්මීහු පත් වී සිටිති.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා විසින් නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවද පත් කරනු ලැබ ඇත. එහි සභාපතිවරයා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ලේකම්වරයා ලෙස අර්ජුන රිෂ්යා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ආචාර්ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම් සහ නලින්ද සම්පත් ඉලංගකෝන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment