චන්ද්‍රිකා – මෛත‍්‍රී තීන්දු නිසා ලංවිමට බිලියන 110 ක් පාඩුවුණා…. ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති

884

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ නොරොච්චෝලේ ගල් අ`ගුරු  බලාගාරය ඉදිනොකිරීම සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයේ සාම්පූර් බලාගාරය ඉදිනොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
 
1994-2005 කාලයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටියදී ජපානය විසින් ජැයිකා ආධාර මත නොරොච්චෝල බලාගාරය ඉදිකර දීමට සූදානම් වූ බවත් එය ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා රටේ පැය 07 ක් 08 ක් විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදු වූ බවත් කුමාරවඩු මහතා පැවසීය. ඉන්පසු පැමිණි රජය නොරොච්චෝලේ විදුලි බලාගාරය චීනය විසින් ඉදිකිරීමෙන් පසු විදුලි සැපයුමට සියයට පනහක පමණ දායකත්වයක් ලැබීම නිසා විදුලිය විසන්ධිය නැවතුණු බවද ඔහු කීවේය. ජපන් ආධාර මත එය ඉදිනොකිරීම නිසා මේ වනවිට මණ්ඩලයට රුපියල් බිලියන 900 ක පමණ පාඩුවක් සිදුවී තිබෙන බවද ඔහු කොළඹ පෙරේදා (28දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
මේ ආකාරයෙන්ම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයේදී ඉන්දියානු සමාගමක් සාම්පූර් බලාගාරය ඉදිකර දීමට කටයුතු කරමින් සිටියදී එය ජනාධිපතිවරයා විසින් නවතා දැමීම නිසා මණ්ඩලයට මේ වනවිට රුපියල් බිලියන 200 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයිද ඒ මහතා පැවසීය. අපේ රට විසින් මෙම බලාගාරය ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා එම සමාගම විසින් බංගලාදේශයට මෙගාවොට් 1000 කට වැඩි බලාගාරයක් ඉදිකර මෛත‍්‍රී පවර් ප්ලාන්ට් නමින් නම්කර ඇතැයිද කුමාරවඩු මහතා වැඩිදුරටත් පැවසීය.
 
 චමින්ද සිල්වා
 ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment