බවර් රසායනාගාර සේවාව කාබනික පොහොර සඳහා පිරිනැමෙන ISO ප්‍රමිතිකරණය හිමිකරගනී

92
බවර් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ අනෝජා බස්නායක ඇතුළු කණ්ඩායම කාබනික පොහොර පරීක්ෂාව සඳහා හිමිවන ISO 17025 ලබාගන්නා අයුරු

ස්විස් සම්ප්‍රදායන් උරුම කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම කාබනික පොහොර රසායනාගාර පරීක්ෂාව වෙනුවෙන් පසුගියදා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකරගැනීමට සමත්විය. නවෝත්පාදන පිළිබඳ දිගු ඉතිහාසයක් සතු බවර් සමාගම යනු මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි.

ඒ අනුව කාබනික පොහොර පරීක්ෂාව වෙනුවෙන් පිරිනමන ISO/IEC‍ 17025 සහතිකය බවර් රසායනාගාර සේවාවට හිමිවිය. කළමනාකරණ පද්ධති, තාක්ෂණික කුසලතා සහ රසායනාගාර පරීක්ෂණ වලංගුතාව ඇතුළු විවිධ ප්‍රමිතීන් සහ සුදුසුකම් ගණනාවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම සහතිකය පිරිනැමුණි.

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් රාශියක් සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් මෙරට කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් බවර් සමාගම අනුගමනය කළ විශිෂ්ට ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් ලෙස මෙම සහතිකය හඳුන්වාදිය හැක. තව ද මෙම ජයග්‍රහණය සමඟින් තවදුරටත් තිරසර වගා භාවිත ප්‍රවර්ධනය කිරීමටත්, අස්වනු සහ වර්ධනය වැඩිදියුණු කරගැනීමටත්, ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමටත්, ගොවීන්ට සහ සමස්ත ප්‍රජාවට ඇතිවන පාරිසරික හානි අවම කරගැනීමටත් බවර් සමාගමට අවස්ථාව සැලසෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment