ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම පාරිභෝගිකයන්ට වාරික ගෙවීම් පහසු කිරීමට MegaPay සමඟ අත්වැල් බැඳගනී

66
(වමේ සිට දකුණට) SLIC හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලු‍ත්ගම මහතා සහ MegaPay හි අධ්‍යක්ෂ වර්දන් අස්ලිබෙකියන් (Vardan Aslibekyan) මහතා.

දේශයේ රක්ෂකයා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) පාරිභෝගිකයින්ට ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ එසැනින් ගෙවීම් කිරීමට වඩා පහසු ක්‍රම වේදයක් සලසාදීම සඳහා පසුගියදා MegaPay (PVT) Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි.

මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්ග අලු‍ත්ගම මහතා, ප්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී මාලක බණ්ඩාර මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීම් ප්‍රධානි (ජිවිත) නාමලී ඒ. සිල්වා මහත්මිය, සහකාර සාමාන්‍යධිකාරී – අලෙවි (සාමාන්‍ය රක්ෂණ) මහේෂ් ගමගේ මහතා, සහකාර සාමාන්‍යධිකාරී – මුල්‍ය ශ්‍රියානි කුලසිංහ මෙනවිය, කළමණාකරු – ව්‍යාපාර සංවර්ධන අංශය නුවන් ජයවර්ධන මහතා සහ MegaPay (PVT) Ltd හි අධ්‍යක්ෂ වර්දන් අස්ලිබෙක්යන් (Vardan Aslibekyan) මහතා, විකුණුම් හා අලෙවි ප්‍රධානි උශාන්ත සමරවීර මහතා සහ ව්‍යාපෘති කළමනාකරු ශෂික මාලගමුව මහතා ද සහභාගී විය.

මෙම අවබෝධතා ගිවිසුම තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින්ට MegaPay දීප ව්‍යාප්ත කියෝස්ක් (Kiosk) ජාලය, මාර්ගගත ද්වාරය (Online Platform) සහ MegaPay App එක හරහා ඔවුන්ගේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ වාරික ගෙවීම් කළ හැකිය.

MegaPay (Pvt) Ltd., “Pay&Go”‍‍ සන්නාමය යටතේ ක්‍රියාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාර්ගගත (online) ගෙවීම් සඳහා පහසුකම් සපයන සේවා සේවා සැපයුම්කරුවෙකි. මෙම මාර්ගගත (online) ගෙවීම් ක්‍රමවේදය පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීමේ දී විශ්වාසනීය, පහසු සහ ආරක්ෂිත සේවාවක් පිරිනමයි.

advertistmentadvertistment
advertistmentadvertistment