සෙලාන් බැංකුවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්

195



 සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලූ පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.

 COVID -19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින් ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින් හඳුනාගනු ලබන ඣඪෂෘ-19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇත. මෙම දැඩි සත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, COVID -19 පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සහ සෙලාන් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි රමේෂ් ජයසේකර මහතා ප‍්‍රමුඛව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ. සෞඛ්‍ය විධිවිධාන දැඩි ලෙස අනුගමනය කරමින් මෙම උත්සවය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment