AIA ඉන්ෂුවරන්ස් NDB Wealth Management සමඟින් සහයෝගීතාවකට එළැඹෙයි

95

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොල තුල හොඳම ජීවිත රක්ෂණ සම්පාදකයා ලෙස සිය බෙදාහැරීම් ජාලය පුළුල් කිරීමේ ප්‍රයත්නය නවතම දිශානතියකට යොමු කරමින් NDB වෙල්ත් මැනේජ්මන්ට් සමඟින් ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹි බව ප්‍රකාශයට පත්කර සිටියි.

මෙම සහයෝගීතාවය සමඟින් AIA ඉන්ෂුවරන්ස් හි අරමුණ වනුයේ දැනට අවශ්‍ය පමණින් රක්ෂණය නොවී සිටින ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් වෙත යොමු වෙමින් ඔවුනට පරිපූර්ණ රක්ෂණ විසඳුම් ලබා දෙමින් ඔවුනගේ රැකවරණ, විශ්‍රාම සහ සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටතේ සපුරාලීමයි..

NDB වෙල්ත් මැනේජ්මන්ට්හි වෙළෙඳපොල තුළ පවතින කීර්තිමත් සන්නාම ශක්තිය සහ ආසියානු කලාපය තුල වසර 100කට අධික කාලයක් ව්‍යාපාර පවත්වාගෙන යමින් AIA අත්කරගෙන ඇති විශේෂඥ දැනුම සමඟින් මෙම ගිවිසුම ඔස්සේ NDB වෙල්ත් මැනේජ්මන්ට් සහ AIA හි ශක්තිමත් මූල්‍ය සහ රක්ෂණ විසඳුම් ලබා දීමේ උපාය මාර්ගය පිලිබිඹු වේ. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ NDB වෙල්ත් මැනේජ්මන්ට් සමඟින් ඇතිකරගෙන ඇති මෙම ක්‍රමෝපායික සහයෝගීතාවය ඔස්සේ සමාගම් දෙකට මෙන්ම ඔවුන් සතු සේවාලාභීන්හට ද ඉහළ ප්‍රතිලාභ අත්වෙනු ඇති. AIA සිය බෙදාහැරීම් ජාලය පුළුල් කරගැනීම අරමුණු කරන අතර NDB වෙල්ත් මැනේජ්මන්ට් සිය වටිනා ගනුදෙනු කරුවන් වෙත පුළුල් වූ පරාසයක මූල්‍ය සහ රක්ෂණ විසඳුම් පිරිනැමීම අරමුණු කරයි. පසුගිය වසර ගණනාව පුරාවට මෙම හවුල්කරුවන් දෙපළම සිය ගනුදෙනුකරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔවුනගේ අවශ්‍යතාවයන්ට හරියාකාරව ගැලපෙන අයුරින් සැලසුම් වැඩිදියුණු කර නිර්මාණය කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment