තවත් කැබිනට් ඇමැති තනතුරු නෑ!

598

කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දැනට කැබිනට් ඇමැති ධුර 20 ක් ඇත. නව කැබිනට් ඇමැති ධුර ලබාදීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු කළ විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය විවිධ පාර්ශ්ව විසින් ගෙන යන ප්‍රචාරයක් මිස අලුතින් කැබිනට් ඇමැති ධුර ලබාදීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. එසේම දැනට කැබිනට් ඇමැතිවරු දරන විෂය පතයන්ද වෙනස් කිරීමේ අවශ්‍යථාවයක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment