යුක්තියට ජාත්‍යන්තර ඇස

434

මත්ද්‍රව්‍යවලට එරෙහිව ශ්‍රී ලංකාවේ දැන් සිදුකෙරෙන ‘යුක්තියේ මෙහෙයුම’ පිළිබඳව පිටරටවල් ද අවධානය යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

ඒ අනුව විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී එම රටවල්වලින් ද විශේෂ සහයෝගයක් හිමිවන බව ද හෙතෙම සඳහන් කළේය.

එහිදී මෙරට ජාවාරම්කරුවන් පිළිබඳව රතු වරෙන්තු නිකුත් කිරීමට එම රටවල්වල සහයෝගය නිතැතින්ම හිමිවන බවද ඔවුන් මෙරට ගෙන ඒමේදී අවශ්‍ය සහාය නොඅඩුව ලැබෙන බවද ඒ මහතා කීය.

නෝමන් පලිහඩන

advertistmentadvertistment
advertistmentadvertistment