පොලිසියේ විනය විරෝධී වැඩ අල්ලන්න වෙනම ඒකකයක්

94

පොලිස් දෙපාර්තමේන්තුව තුළම පවතින විනය විරෝධි ක්‍රියා පිළිබඳ කරුණු සොයා බලා වැරදිකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කොමිසම මගින් විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කිරීමට ක්‍රියාකරගෙන යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් හෙළිවෙයි.

මේ පිළිබඳ පොලිස් මූලස්ථානයට ලැබෙන ආරංචිමාර්ග අනුව සනාථවී ඇත්තේ ඇතැම් නිලධාරීන් සමහර පොලිස් කාන්තාවන්ට අයුතු බලපෑම් කරන බව ය. අල්ලස් ගැනීම් ඇතුළු සිද්ධීන් පිළිබඳව ද ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජන පැමිණිලි ලැබීම නිසා පොලිස් කොමිසම ඉතා කඩිනමින් මෙම විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රියාත්මක කරනු ඇත.

පොලිස් කොමිසම තුළ මෙවැනි විශේෂ විමර්ශන ඒකකයක් මීට කලකට පෙර පැවැති නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම ඒකකය ඉවත්කර තිබූ බව පොලිස් ආරංචිමාර්ග කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment