අලූත් වාර්තාවක් තබමින් බැසිල් හෙට අයවැය කියයි

306

ඉදිරි වසර (2022) සඳහා සකස් කර ඇති අය වැය යෝජනාවලිය මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හෙට (12 දා* පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන මංගල අය වැය වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවෙහි මෙන්ම 04 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි අය වැය ලේඛනයයි.

බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හෙට දින සිට අය වැය ලේඛනය ඉදිරිපත් කළ පසුව එකම පවුලක සහෝදරයන් දෙදෙනකු මුදල් ඇමැතිවරුන් ලෙස පත් වී අය වැය ඉදිරිපත් කළ මෙරට පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත.

මීට පෙර අය වැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුයේ මුදල් ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ය. ඔහු සහ හිටපු මුදල් ඇමැතිවරයකු වූ රොනී ද මැල් යන මහත්වරුන් මෙරට අය වැය ලේඛන 11 ක් ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයකි. හෙට දින ඉදිරිපත් කරනුයේ නිදහසින් පසු මෙරට 76 වැනි අය වැය ලේඛනයයි.

අය වැය ඉදිරිපත් කරනු ලබන හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති අතර කොවිඞ් මර්දන සෞඛ්‍ය නීති රෙගුලාසි යටතේ

රැුස්වීම පැවැත්වීමට නියමිතය. අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (13 දා * දින සිට දෙවැනිවර කියවීම දින 07 ක් මෙන්ම කාරක සභා අවස්ථාවේ විවාදය දින 16ක් පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳව ඡුන්ද විමසීම නොවැම්බර් 22 දා සවස 05 ට සිදු කිරීමට නියමිතව ඇත. අය වැය කාල සීමාවේදී මහජන ගැලරිය විවෘතව නොතැබෙන අතර, රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා තිබේ. ඊට අමතරව හෙට දින පාර්ලිමේන්තුවට පිවිසෙන සියලූදෙනාට රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීම අනිවාර්ය කර ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පාර්ලිමේන්තුව විසින් සලසා තිබෙන බව වේත‍්‍රධාරී නරේන්‍ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට කීය.

අය – වැය ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් ඇමැතිවරයා විසින් සාම්ප‍්‍රදායිකව පිරිනමනු ලබන තේ පැන් සංග‍්‍රහයද සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ඇත.

හෙට දින පාර්ලිමේන්තුවට පිටින් පැමිණෙන මාධ්‍යවේදීන්, නිලධාරීන් ඇතුළු සියලූදෙනා කොවිඞ් මර්දන එන්නත් ලබාගත් බවට සහතික කිරීමට එම කාඞ්පත ද රැුගෙන ආ යුතු බව වේත‍්‍රධාරි වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment