රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් – බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

839

රුසියාවට එරෙහිව බටහිර රටවල් යුද මෙහෙයුමකට සූදානම් වන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ඊයේ (2දා) එරට කොංග‍්‍රස් මණ්ඩලය අමතා කීවේය. ඒ සම`ගම ඇමෙරිකාව විසින් රුසියානු ගුවන් යානාවලට එරට තහනම් කලාපයක් කර තිබේ.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

එහෙත් යුද මෙහෙයුම අරඹන්නේ කොතනක සිට දැයි ඔහු හෙළි කළේ නැත. ඇමෙරිකානු ආරංචි මාර්ග පැවසුවේ ඇමෙරිකානු යුද නෞකා සමූහයක් මධ්‍යධරණී මුහුද වෙත පැමිණ ඇති බවයි. මෙම නැව්වල සිට රුසියාවට මිසයිල ප‍්‍රහාර එල්ල කළ හැක.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

ජනපති බයිඩන් මෙසේද පවසා ඇත. රුසියාව අප ගැන අවතක්සේරුවක සිටිනවා. ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවෙයි. පෝලන්තය, රුමේනියාව, ලැම්බියාව සහ එස්කෝනියාව ඇතුළු නේටෝ රටවල් රැුකීමට අපි ඇමෙරිකානු පාබල හමුදා ගුවන් බළකාය සහ නැව් අපි ඒකරාශී කරනවා.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

ජනපති ජෝ බයිඩන් පැවසුවේ ඇමෙරිකානු 6 වැනි නාවික හමුදාවට අයත් නැව් 29 ක් මධ්‍යධරණී මුහුදට එවා තිබෙන බවයි. මේ හැර ගුවන් යානා ප‍්‍රවාහන හැරිටෘමන් නැවද මිසයිල ප‍්‍රහාර එල්ල කළ හැකි ඩිස්ට්‍රෝයර් 12 ක්ද මධ්‍යධරණියට එවා ඇත.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

මෙයට ප‍්‍රතිචාර ලෙස රුසියාවද යුද නැව් 19 ක් කළු මුහුදට එවා තිබේ. මේ ඇමෙරිකානු යුද නැව්වලට අමතරව ප‍්‍රංශ, ඉතාලි, නෝර්වේ යුද නැව් රැුසක්ද මධ්‍යධරණී මුහුදට පැමිණ ඇත. රුසියාවට එරෙහිව මෙම යුද මෙහෙයුමේදී ඇමෙරිකාවද දිගුදුර කෲස් මිසයිල භාවිතා කිරීමට ඉඩ ඇත.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

මෙම ඇමෙරිකානු යුද මෙහෙයුමට පෙර හිටපු ජනපති ට‍්‍රම්ප් පැවසූවේ තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති බවයි. මේ අතර ඇමෙරිකානු බළකායට ජර්මනිය, පෝලන්තය යන රටවල්ද පැමිණ ඇත.

රුසියාවට එරෙහි යුද්ධයට සුදානම් - බයිඩන් කොංග‍්‍රස් මණ්ඩලයට කියයි

ඇමෙරිකානු මාධ්‍ය හෙළි කළේ ඉරාකයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකාව මධ්‍යධරණී මුහුදේ සිට යැවූ බලගතු කෲස් මිසයිල රැුගත් ඇමෙරිකානු යුද නැව් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment