ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සන්නද්ධ කණ්ඩායම් ප්‍රධානියෙක් මරුට

167

ඇමරිකානු හමුදාවන් විසින් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් හේතුවෙන් ඉරානයේ සහාය ලබන කටැබ් හෙස්බෝල්ලා සන්නද්ධ කණ්ඩායමේ නායකයා ඇතුළු සාමාජිකයන් තිදෙනකු මියගොස් තිබේ. අදාළ පිරිස ගමන්ගත් වාහනය ඉලක්ක කරගෙන පෙරේදා (07දා) රාත්‍රී බැග්ඩෑඩ් නගරයේ මාෂ්ටාල් ජනාවාසයට එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් ඔවුන් මියගොස් තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය පවසා ඇත්තේ එම ප්‍රහාරයෙන් කටැබ් හෙස්බෝල්ලා කණ්ඩායමේ ප්‍රධාන අණදෙන නිලධාරියා වන අබු බකීර් අල් සාධි ප්‍රමුඛ තිදෙනකු මිය ගොස් ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment