අනුරාධපුරයේ පැවති විශ්‍රාමිකයින්ගේ දින උත්සවයට කොමර්ෂල් බැංකුවෙන් අනුග්‍රහය

52

තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා ප්‍රියන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් ඉදිරිපත් කරන ලද විනෝදාස්වාද ජනක ඉදිරිපත් කිරීම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට පාත්‍ර වූ අතර එමගින් උත්සවයටද විචිත්‍ර බවක් එක් විය. එදින දවසේ විශේෂ සිදුවීම වූයේ මහනුවර සුව සෙවණ රෝහල මගින් නොමිලේ වෛද්‍ය කඳවුරක් පවත්වා සහභාගී වූවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදේශන පිරිනැමීමයි. බැංකුවේ ‘යසස’ විශ්‍රාම වැටුප් ගිණුම සහ ණය පහසුකම ඇතුළුව ඉතුරුම් සහ ණය පහසුකම් සම්බන්ධයෙන් විශ්‍රාමිකයින්ගේ අවශ්‍යතා සාකච්ඡා කිරීමට බැංකුවේ නියේජිතයින් පැමිණ සිටියහ.

සේයාරුවේ දැක්වෙන්නේ එම උත්සවයේ එක් අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment