පරණ ක්‍රමයට රට ඉදිරියට ගෙනියන්න බැහැ- එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

81

පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) ආසන සංවිධායකවරු සමඟ පැවති හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අද අපේ රටට වෙනසක් අවශ්‍ය කර තිබෙනවා. පහුගිය දිනවල සමාජය තුළින් එළියට ආවේත් අපේ රටට වෙනසක් අවශ්‍යයයි කියලයි. ඒ වෙනස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වනවිට කරමින් සිටිනවා. ඒ වෙනස අපේ රටේ දේශපාලනය තුළත් ඇති කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ කියලයි. පැරණි දේශපාලන ක්‍රමවේදය තුළින් මේ රට බලය අල්ලන්න බැහැ.

පරණ ක්‍රමයට රට ඉදිරියට ගෙනියන්න බැහැ- එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

මේ කියන අලු‍ත් ගමන මොකද්ද? අලු‍ත් කිව්වට මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තමයි එක්සත් ජාතික පක්ෂය සෑම විටම උත්සාහ කළේ. නමුත් අපේ රටේ ජනතාව ඒ ක්‍රමවේදය අනුමත කළේ නැහැ. නමුත් විපක්ෂය තවදුරටත් පැරණි දේශපාලන ක්‍රමවේදයම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ ක්‍රමය තාවකාලිකයි. විපක්ෂය කරන මේ වැඩෙන් සිද්ධ වෙන්නේ අපේ රට නැවත වතාවක් අමාරුවේ වැටෙන එකයි.

පරණ ක්‍රමයට රට ඉදිරියට ගෙනියන්න බැහැ- එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

තවදුරටත් දේශපාලනඥයින්ට ජනතාව බොරු කියලා රවට්ටන්න බැහැ. අරක නිකන් දෙනවා, මේක නිකන් දෙනවා කියන්න බැහැ. ඒ අය ඒ කියන දේවල් දෙන්නේ කොහමොද කියලා මේ අයවැය කාර්යාලයට කියන්න ඕන. එවිට එම කාර්යාලය ඔබට කියයි ඇත්තටම මේ දේවල් දෙන්න පුලු‍වන්ද බැයිද කියලා. කණගාටුවට කරුණ නම් විපක්ෂය තවමත් අනුගමනය කරන්නේ මේ පැරණි යල්පැන ගිය ජනතාව රවට්ටන ක්‍රමවේදයයි. ඒ තුළින් තවදුරටත් ඉදිරියට යන්න බැහැ. නමුත් මම ඔබට එක දෙයක් කියන්නම් ඔය විපක්ෂයේ තිබෙන ප්‍රධාන පක්ෂය ලබන සිංහල අලු‍ත් අවුරුද්ද වනවිට පවතින එකක් නැහැ. ඔබ මේක ලියලා තියාගත්තත් කමක් නැහැ.

මානසික ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට නීති රීති අත්‍යවශ්‍යයයි. දැන් මෙම ත්‍රස්තවිරෝධී පනත ඉදිරිපත් කළ විට ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මෙය මාධ්‍ය පාලනය කිරීම සඳහා ගෙන එන නීතියක් බවයි. එය සම්පූර්ණ අසත්‍යක්. මාධ්‍යයට වෙනම නීති රීති මාලවක් අවශ්‍යයයි. එය වෙනම අප සාකච්ඡා කර බැලිය යුතුයි.

අද විපක්ෂය වැරදි ගමනක් යමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි සියලු‍දෙනාම එකතු විය යුතුයි කියලා. අපේ රටට අනාගතයක් අවශ්‍යයි නම් අපි එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගා ගත යුතුයි. විපක්ෂයේ අද සිටින ඇතැම් දේශපාලන නායකයින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩනගපු චරිත.

advertistmentadvertistment
advertistmentadvertistment