මල්වතු ඔයට සූර්ය පැනල චීන ආයෝජකයින් අගමැති සමග සාකච්ඡා

103

යාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් (11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරනු ලැබීය.

චීන ආයෝජන කණ්ඩායම පැවසුවේ යාන් ඔය ජලාශය පාවෙන සූර්ය පැනල සවිකිරීමෙන් මෙගා සූර්ය බලශක්ති උත්පාදන වේදිකාවක් ලෙස භාවිත කොට එමගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය කරමින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනද උපයා ගත හැකි බවයි. යාන්ඔය ජලාශයේ පාවෙන සූර්ය පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි මෙගාවොට් 50ක විදුලිය ජනනය කෙරෙයි. මල්වතු ඔය ජලාශය වසර දෙකකින් නිම කළ පසු තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට සූර්ය පැනල සවි කිරිමේ හැකියාව ඇත. ඊට අමතරව මලවතු ඔය කුඩා ජලවිදුලි පද්ධතියෙන් මෙගාවොට් 1.6ක් ජනනය කෙරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment