මේ ගිනි අව්වේ පාසල් ක්‍රීඩා එපා – දෙමාපියෝ ඉල්ලති

101

පවතින අධික උෂ්ණත්වය හා අධික අව්ව හමුවේ තවදුරටත් පාසල් දරුවන් නිවාසාන්තර ක්‍රීඩා උත්සව හා වෙනත් ක්‍රීඩා කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස සිසු දරුවන්ගේ දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

දැනටමත් බොහෝ පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොදවා ගත් දරුවන් බොහෝ පිරිසක් රෝගාතුරවී සිටින බව එම දෙමාපියෝ කියා සිටිති.

පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දරුවන්ව ක්‍රීඩා තරග සඳහා නොයොද වන ලෙසට තමන් විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිය ද ඔවුන් ඒ ගැන තැකීමක් නොකර දරුවන්ව දැඩි අව්රශ්මිය හමුවේ ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොදාගන්නා බවට දෙමාපියෝ චෝදනා කර සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment