මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය  පැවරීමේදී කිසිම  බලපෑමක් කළේ නෑ – ජනපති

267

මන්නාරමේ සුළං විදුලිබල ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

 රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව තමා වගකීමෙන් කියා සිටින බව ද ජනාධිපතිවරයා පවසයි.

 මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ද වගකීමෙන් කියා සිටින බව ජනාධිපතිවරයා පවසයි.

 ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරා ගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පටිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment