පොල්පාගොඩදී ගඟේ ගිලී සිසුහු දෙදෙනෙක් මරුට

42

ගාල්ල, යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේදී පොල්අතුමෝදර ගඟේ ගිලී සිසුන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ අවුරුදු 11 හා 14 යන වයස්වල පසුවූ කවිශ්ක තිශ්කර, දිමුතු ලක්‍ෂිත යන සිසුන් දෙදෙනාය.

ඊයේ (17දා) දහවල් ඔවුන් දෙදෙනා දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.

එම දරුවන් දෙදෙනා ඥාතීන් බවත් ඔවුන් තම මවුපියන් සමඟ දියනෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවත් සඳහන්ය.

දියේ ගිලීමෙන් අනතුරුව ගොඩට ගත් දරුවන් ඉමදූව රෝහල වෙත ඇතුළත් කළද මියගොස් සිටි බව පොලිසිය පවසයි.

යක්කලමුල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment