ජුනි මස අපනයන ආදායම පහළ බසී

79

ඉකුත් ජුනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 19.5 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වර්ෂයේ (2022) ජුනි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1249 ක අපනයන ආදායම මේ වර්ෂයේ ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1005 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එසේම මේ වර්ෂයේ (2023) පළමු මාසයේ අපනයන ආදායමද ඇමෙරිකානු ඩොලර් මිලියන 5871 ක් දක්වා සියයට 10 කින් පහත වැටී ඇත. ගිය වසරේ (2022) පළමු මාස හයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 6522 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment