ආණ්ඩුවේ කාටවත් බය නෑ… තනියම වුණත් මූණ දෙනවා – සජිත්

167

තමන් ආණ්ඩු පක්ෂයේ කිසිවකුට බය නැති බවත් ඒ ඕනෑම අයකුට තනියෙන් වුවද මුහුණ දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.

ඊයේ ඔහු කළ විශේෂ ප්‍රකාශය අතරතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව සභාව නැවත ආරම්භ කිරීමෙන් පසු සිය ප්‍රකාශය කියවා අවසන් කළ හෙතෙම උස් හඬින් ඒ බව කියා සිටි අතර වැඩිදුරටත් මෙසේ ද කීය

“මම 27/2 යටතේ ප්‍රශ්නය විමසන අවස්ථාවේ බාධා කරන්න කථානායකතුමා ඉඩ දුන්නා. මගේ මයික් එක ඕෆ් කළා. ස්ක්‍රීන් එක ඕෆ් කළා. හැබැයි මම දැන් මේ හැමෝටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මං බය නෑ. ඕනෑම කෙනෙකුට තනියම වුණත් මුහුණ දෙන්න මම සූදානම්. පුළුවන් නම් එනවා… පුළුවන් නම් එනවා… මම එකෙකුටවත් බය නෑ. මුන් නරි. මේ හිවල්ලු ටිකක් ඉන්නේ.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment