ජොන්සන් සහ ජොන්සන් හැදූ ඩෙංගු ප්‍රති වෛරසය සාර්ථකයි

182

ඩෙංගු රෝගයට එරෙහිව ජොන්සන් සහ ජොන්සන් සමාගම පර්යේෂණ මගින් අත්හදා බැදූ ප්‍රති වෛරසය යහපත් ප්‍රතිචාර දක්වා ඇත.

‘JNJ-1802’ නම් ප්‍රතිවෛරසය සායනික පරීක්ෂණයකදී යහපත් ප්‍රතිචාර පෙන්නුම් කර තිබේ.

ඩෙංගු ප්‍රති වෛරසයක් වර්ධනය කිරීම ගෝලීය සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. ලෝක ජනගහනයෙන් අඩකට වඩා දැනට ජීවත් වන්නේ ඩෙංගු ආවේණික ප්‍රදේශවලය. ඩෙංගු උණ වාර්ෂිකව අවම වශයෙන් මිලියන 400 කට බලපායි. ඇස්තමේන්තුගත මිලියන 100 ක් රෝගාතුර වන අතර දහස් ගණනක් මරණයට පත්වෙති.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ‘මෙය අප සැමට අතිශයින් බලාපොරොත්තු සහගත පුවතක්’ බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment