දොඩම්පහළ චන්දසිරි මහනාහිමි ආදාහන පූජෝත්සවය හෙට

152

අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර නායක අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (21) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට උන්වහන්සේ වැඩසිටි රාජගිරිය කලපළුවාව ගෝතමී තපෝවනාරාමයේ තැන්පත් කර ඇත.

අපවත් වී වදාළ මහනාහිමියන් වෙත අවසන් ගෞරව දක්වීමට විශාල පිරිසක් එක්වූහ.

මහනාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලක දී පසුගිය 16 වැනිදා අපවත් වූහ. ඒ වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment