කළු වඳුරු පැටවුන් 4ක් පන්නලා

56

හොරුන් අල්ලන්න ජනතා සහාය ඉල්ලයි

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙනකු සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

ලෝකයේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ මුල් සත්ව විශේෂ 25 ට ඇතුළත් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට ආවේණික කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පමණක් දක්නට ලැබෙන මෙම උප වඳුරු විශේෂයක් වන කළුවඳුරා ආරක්ෂිත සත්වයකු වන අතර 1993 අංක 49 දරන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව කළු වඳුරා නිවාසවල ඇති කිරීම පවා සපුරා තහනම් කර ඇත. සත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල මෙම සොරකම පටිගත වී ඇති අතර ඡායාරූපවල සිටින පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහජනතාවගේ සහාය ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment