පිඹුරා මොනරා ගිලියි

155

කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරකු විසින් මොනරකු ගොදුරු කර ගන්නා අවස්ථාවක් අප කැමරාවට හසුවිය.

මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ යාබද ඇති පොකුණට දිය බීමට එන වන අලි නැරඹීමට යෑමේදී විහාරස්ථානයට යාබද කැලෑවෙන් ඇසුණු ශබ්දයක් පරීක්ෂා කිරීමේදී පිඹුරකු විසින් මොනරකු ගොදුරු කර ගෙන සිටි අයුරු දැක ඇත. විහාරාධිපති හිමියන් එම ස්ථානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහණයට හසුවී මියගොස් සිටි බව හිමියෝ පවසති.

මෙම පිඹුරා අඩි 10කට වඩා දිගින් යුතු බවත් පිඹුරා ගොදුරු කරගන්නා ලද මොනරා ද තරමක් විශාල මොනරකු බවත් හිමියෝ පවසති. මෙම පිඹුරා පැය කිහිපයක් වෙහෙස දරා මෙම මොනරා ගිල දමා නැවතත් කැලෑව තුළට වැදුණු බව විහාරාධිපති කහටගස්දිගිලියේ පඤ්ඤාලෝක හිමියෝ පැවසූහ.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment