එකට වැඩ කරන නුවර කොස්තාපල් යාළුවාගේ ATM එකෙන් සල්ලි ඇදලා

76

පොලිස් භට නිවාසයේ එකම කාමරයක සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ඒ. ටී. එම්. කාඩ්පත් සොකරම් කර රුපියල් එක් ලක්ෂ පන්දහසක (105000) ක මුදලක් ලබාගත් බව කියන තවත් කොස්තාපල්වරයකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ. ටී. එම්. කාඩ් පතේ හිමිකරු සහ සැකකරු යන දෙදෙනා අස්ගිරියේ පිහිටි පොලිස් නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිටි බවත් පොලිසිය පවසයි.

මුදල් අවශ්‍යතා ඇති වූ අවස්ථා කිහිපයකදීම පැමිණිකරු තම මිතුරාට බැංකු කාඩ්පත රහස්‍ය අංකය ද සමඟ ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

බැංකු කාඩ්පතේ රහස්‍ය අංකය දැන සිටි සැකකරු භට නිවාසයේ දී මිතුරා නොමැති අවස්ථාවක ඔහුගේ බැංකු කාඩ්පත සොරාගෙන මෙම මුදල් සොරකම සිදුකර තිබේ. බැංකුවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් පෙරේදා (26 දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

බැංකුවෙන් ලබාගත් මුදල්වලින් රුපියල් 75000 ක මුදලක් සැකකරු සතුව තිබී පොලිසිය භාරයට ගෙන තිබේ.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

නෝමන් පලිහවඩන සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment