පාන් ගෙඩියෙන් ජනපති මැඳුරට ගිය තර්ෂන් අද දිවයිනට

229

ප්‍රංශ ජනතාව අතර ඉතා ජනප්‍රිය පාන් වර්ගයක් වන සාම්ප්‍රදායික බෙගෑට් නිෂ්පාදනය කිරීමේ වාර්ෂික තරගාවලියෙන් ජය ලබා ප්‍රංශ ජනාධිපති මන්දිරයට බෙගෑට් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගත් ශ්‍රී ලාංකිකයකු වන තර්ෂන් සෙල්වරාජා අද (28 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන කාල සීමාවට සමගාමීව මොහුගේ පැමිණීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සිට ඉකුත් 2009 වසරේ දී ප්‍රංශයට සංක්‍රමණය වූ තර්ෂන් සෙල්වරාජා මහතා එරට දී බේකරි නිෂ්පාදන අලෙවිසලක් ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදීය.

ප්‍රංශයේදී වාර්ෂිකව පැවත්වෙන සාම්ප්‍රදායික බෙගෑට් පාන් නිෂ්පාදන තරගාවලියට මෙම වසරේ දී ඔහු ඉදිරිපත් විය. එම තරගයෙන් ජයග්‍රහණය අත්පත් කර ගත් ප්‍රථම ශ්‍රී ලාංකික බේකරි හිමියා ද වන ඔහුය. එමගින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මැඳුරට බෙගෑට් පාන් සැපයීමේ කොන්ත්‍රත්තුව හිමිකර ගත් ඔහු ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත් කර දුන්නේය.

තර්ෂන් සෙල්වරාජා මහතා අද (28 වැනිදා) පෙරවරු 10.00 ට පමණ ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment