අවම බස් ගාස්තුව රු. 20යි – බස් ගාස්තු සියයට 15කින් ඉහළට

543

ඉන්ධන මිල වැඩිවීමත් සමග සිදු කරනු ලැබූ බස් ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස රුපියල් 03 කින් ඉහළ දමමින් සියයට 15 කින් බස් ගාස්තු ඉහළ දැමීමට ඊයේ (14 දා) පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද බස් ගාස්තු සංශෝධනය ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව රුපියල් 20 ක්ව පැවති ගාස්තුව රුපියල් 23 ක් ලෙස රුපියල් 3.00 කින් ද රුපියල් 27.00 ක්ව පැවති ගාස්තුව රුපියල් 31.00 ලෙස රුපියල් 4.00 කින් ද රුපියල් 33.00 ක්ව පැවති ගාස්තුව රුපියල් 38.00 ක් දක්වා රුපියල් 5.00 කින් ද, රුපියල් 39.00 ක්ව පැවති ගාස්තුව රුපියල් 45.00 දක්වා රුපියල් 6.00 කින් ද රුපියල් 52.00 ක්ව පැවති ගාස්තුව රුපියල් 60.00 ක් ලෙස රුපියල් 08 කින් ද රුපියල් 66.00 ක්ව පැවති ගාස්තුව රුපියල් 76.00 ක් ලෙස ද සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 176 ඉහළ ගොස් ඇත.

ඒ අනුව 176 වැනි සාමාන්‍ය සේවා ගාස්තුව වන රුපියල් 666.00 රුපියල් 766.00 දක්වා රුපියල් 100.00 කින් ද ඉහළ ගොස් තිබේ.

සංශෝධන බස් ගාස්තු ලැයිස්තුව පහත දැක්වේ.

අවම බස් ගාස්තුව රු. 20යි - බස් ගාස්තු සියයට 15කින් ඉහළට

සමන් ගමගේ – අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment