කතරගම දේවාලයේ ඉල් මහා පෙරහැර

148

දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල්මහා මංගල්‍යය ඉකුත් 19 දා රාත‍්‍රී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

රටේ ගොවි ජනයාගේ කෘෂි කර්මාන්තයට අහස් දිය ලබාගැනීම පිණිස කතරගම දෙවියන්ගේ දේව ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර මෙම ඉල් මහා පෙරහැර අතීතයේ සිට පැවත එනු ලබන චාරිත‍්‍ර පෙරහැරකි.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ අධීක්ෂණයෙන් පාරම්පරික කපු මහතුන් විසින් පෙරහැර චාරිත‍්‍ර ඉටු කරන ලදී. මෙම අවස්ථාව සඳහාා හින්දු බෞද්ධ බැතිමතුන් රැසක් පැමිණ සිටියහ.

කතරගම  – කේ. ඞී. දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment