ලොව උසම යුධ පිටියට ගිය කපිතාන්වරිය

275


අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට අභිමානයක් එක් කිරීමට තරුණියක සමත්වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තාවේ. ලොව උසම යුධ පිටියේ පිහිටි සියාචෙන් හි දුෂ්කර පුහුණුවෙන් පසු ස්ථානගත කළ පළමු කාන්තා නිලධාරිනිය බවට පත් වීමට කපිතාන් ශිව චෞහාන් සමත්වීම ය. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඉන්දීය හමුදාව විසින් පළ කළ වීඩියෝවක කපිතාන් ශිව චෞහාන් සියාචෙන් හි ඉතා අඩු උෂ්ණත්වයක් මධ්‍යයේ පාපැදි පැදීම සහ ගල් තරණය වැනි ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු දැකගත හැකිවේ.
සඳුදා සිය ජයග්‍රහණයෙන් පසු ඇය පැවසූවේ තවත් ගැහැණු ළමයින් ඉන්දීය හමුදාවට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවය.වර්තමානයේ කාන්තා නිලධාරිනියන්ට රැකියාවේ සෑම අංශයකම ප්‍රමාණවත් අවස්ථා ලබා දී ඇති අතර ඔවුන් ඔවුන්ගේ පිරිමි සහකරු සමඟ සමසේ සේවයේ යොදවා ඇති බව ශිවා අවධාරණය කළාය.
සියාචෙන් සටන් පාසලේ මසක වෙහෙසකර පුහුණුවක් අනෙකුත් පිරිස් සමඟින් නිම කිරීමෙන් පසු කපිතාන් චෞහාන් ලොව උසම යුධ පිටියේ කුමාර පෝස්ට් හි යොදවන ලදි. මෙම නිලධාරිනිය හමුදාවට බඳවා ගනු ලැබුවේ 2021 මැයි මාසයේදීය.

ඇය රාජස්ථාන් ප්‍රාන්තයේ සිට උදයිපූර්හි පාසල් අධ්‍යාපනය අවසන් කළාය. ඇය සිවිල් ඉංජිනේරු උපාධිධාරිනියකි.

advertistmentadvertistment
advertistmentadvertistment