කැනඩා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

4680

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති ශ්‍රී ලාංකිකයෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. විදෙස් වාර්තා සඳහන් කළේ, මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බවය.දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබේ.මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු හතට අඩු අය බවද වාර්තා වෙයි.මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය දක්වා තිබුණද පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් ඝාතන සිදුකර ඇති බවය.දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි ,ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි ,අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි, රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි, කෙලී වික්‍රමසිංහ – මාස 02යි, ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment