තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේදී දෙපිරිසක් ගැටී අයෙක් ජීවිතක්ෂයට

51

තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල

තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත් වී තවත් සිව්දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

ගැටුමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වත්තේ පදිංචි ශිවඥාණම් සංජීවන් නමැති 22 හැවිරිදි එක්දරු පියෙකි.

දීපාවලි උත්සවය සමරමින් සිටි ගැටුමට සම්බන්ධ දෙපිරිසම පැරණි කොන්තරයක් ඉස්මතු කරගනිමින් තලවකැලේ නගරයේදී බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, ඉන් අනතුරුව මරණකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් නිවස කරා ගමන් කරමින් සිටියදී පසුපසින් තවත් ත්‍රිරෝද රථයකින් ලුහු බැද පැමිණි පිරිසක් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නතර කර ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස සමග ගැටුමක් ඇති කරගෙන ඇත. විකට් පොලු සහ තියුණු ආයුධ වලින් මෙම පහරදීම සිදු කර ඇති අතර පහර කෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිව්දෙනෙකු ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී අනෙක් තුවාලකරුවන් තිදෙනෙකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව තලවකැලේ පොලිසිය කියා සිටියේය.ගැටුමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ල`ිදුල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව තලවකැලේ පොලිසිය කියා සිටියේය.මියගිය එක්දරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන බවත්, දෙපාර්ශ්වයම පැමිණි ත්‍රිරෝද රථ පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය කියා සිටියේය.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment