ඒකල රජ මාවතේදී අත්බෝම්බයක් සමග කොටුවූ කොල්ලා සොරකම් වැලක් වමාරයි

367

ලොකු මුදලකට උදම්මිට ගෙයක් කුළියට ගෙන අම්මයි පුතයි ජයටම හොර වැඩ කරලා
සොරාගත් යතුරුපැදි 9 ක් සහ ත්‍රිරෝදයකුත් අත්අඩංගුවට

ජාඇල ඒකල රජ මාවතේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පසුගිය මාස කීපය තුළ ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 9 ක් සහ ත්‍රීවිල් රථයක් ද අත්අඩංගුවට ගතහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති 23 හැවිරිදි සැකකරු සමග ඔහු විසින් සිදුකරන ලද වාහන සොරකම් වලට අනුබල දුන් ඔහුගේ 56 හැවිරිදි මවද හොර යතුරුපැදි මිලදී ගත් 33 හැවිරිදි ගැනුම් කරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ජාඇල උදම්මිට ප්‍රදේශයේ නිවෙසක් ලොකු මුදලකට කුලියට ගෙන තම මවගේ ආධාර අනුබල ඇතිව සොරකමේ යෙදී ඇති බව විමර්ශන කටයුතු වලදී හෙළිවූ බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු විසින් පසුගිය මාස කීපය ඇතුළත ජාඇල, කඳාන, සීදුව, කටාන,

මීගමුව, රද්දොළුව සහ කොචිචිකඩේ ප්‍රදේශවල මහා මාර්ගයේ සහ රථ ගාල්වල නතර කර තිබුණ යතුරු පැදි 13 ක් ත්‍රීරෝද රථයක් සොරාගෙන අඩු මුදලකට අලෙවි කොට ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. මේ වන විට සොරාගත් භාණ්ඩ අතරින් යතුරු පැදි 8ක් සහ ත්‍රීරෝද රථය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බවන් රාජකරුණා, උප පොලිස් පරීක්ෂක පෙරේරා, සැරයන් ඒකනායක(33694), පොලිස් කොස්තාපල්වරුන් වන 84045 ප්‍රදීප්, 31825 පේමරත්න, 101612 ලක්ෂ්මන් යන නිලධාරින් විසින් සකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බී.ටී. කොටින්කඩුව – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment