ආනයන 5කට උපරිම සිල්ලර මිලක් පනවයි

218

ආනයනය කරනු ලබන භාණ්ඩ සහ නිෂ්පාදන වර්ග 05 ක් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (02 දා) ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව මෙරටට ආනයනය කරනු ලබන රසකැවිලි (චුයින්ගම් ඇතුළුව) චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවත්, එය මේ මස 01 දා සිට බලපැවැත්විය යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම භාණ්ඩ මෙරටට ඇතුළු කරන අවස්ථාවේදීම අදාළ ආනයනකරු විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය, භාණ්ඩය මත ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment