ලන්ඩන් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ශ්‍රී ලාංකිකයකුට

664

එංගලන්තයේ ලන්ඩන්නුවර පැවැති ඔලිවර් සම්මාන උළෙලේදී හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික නළුවකුට හිමිවී ඇත.

 එම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කළ Life of Pi නිර්මාණය හොඳම නව නිර්මාණය සඳහා වූ සම්මානය හිමිකරගත් අතර එහි ප්‍රධාන නළුවා ලෙස රඟපෑ හිරාන් අබේසේකරට හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය.

 ලන්ඩන්නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. කොළඹ නාලන්දා විiාලයේ ආදි ශිෂ්‍යයකු වන හිරාන් එංගලන්තයේ නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ආයතනයේ (Royal Academy of Dramatic Art) උපාධිධරයෙකි. එහි උපාධිය හිමිකරගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුය.

advertistmentadvertistment
advertistmentadvertistment