පීසීආර් පරීක්‍ෂණයේදී රිදුණැයි හිමිනම හෙදියට පිගානකින් ගහලා – හෙදියගේ හිසට බරපතළ තුවාල: හිමිනම අත්අඩංගුවට

247

පී’ සී’ ආර්’ පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ දැඩි වේදනාවක් ඇතිවී යැයි කෝපයට පත්වී එම පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පි`ගානකින් පහරදුන් හිමිනමක ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත’

පරීක්ෂණය සිදුකළ හෙදිය බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කොවිඞ් ඒකකයේ සේවයේ යෙදී සිටින හෙදියකි.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයේ හිමිනමකගේ පී’ සී’ ආර්’ පරීක්ෂණයක් සිදුකිරීමට ඊයේ (26දා) උදෑසන අදාළ සාම්පල ලබා ගන්නා ස්ථානයට කැඳවා එහිදී පරීක්ෂණය සිදුකරමින් සිටියදී එම හිමිනම තමන්ට වේදනාවක් ඇතිවූ බව කියමින් මෙසේ අසල තිබූ වීදුරු පිඟානකින් හෙදියට පහර දී ඇත’

පිඟානෙන් හිසට පහර දීමත් සමග හෙදිය වේදනාවෙන් බිම ඇද වැටී ඇති අතර පසුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් කඩිනමින් ඇය ප‍්‍රතිකාර සඳහා රෝහල් ප‍්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත’ හිමිනම හෙදියට පහර දුන් පි`ගාන කුඩා කැබලිවලට කැඩි ගොස් තිබිණි.

ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිණි අබේරත්න මහත්මිය පැවසුවේ වීදුරු පිඟානෙන් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත්” ඇය ආණමඩුව රෝහලින් කඩිනමින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බවත්ය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිමිනම ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment