ආන්දෝලනයට ලක්වූ ඖෂධයේ මාත්‍රා මිලියන 26ක් වසර 6ක් පුරා රෝහල්වලට බෙදලා – නිෂ්පාදන සමාගමෙන් නිවේදනයක්

334

ආන්දෝලනයට ලක්ව ඇති Co-Amoxciclav ඖෂධයේ මාත්‍රා මිලියන 26 ක් වසර හයක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වලට නිකුත් කර තිබෙන බව ඖෂධ සැපයුම් සිදුකරන දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන ඕනෑම තත්ත්ව පරීක්‍ෂණයකට තම සමාගම උපරිම සහාය ලබාදෙන බවත් මෙය සියයට සියයක්ම දේශීය ආයෝජනයක් බවත් සමාගම පවසයි. මෙම එන්නතට අමතරව තවත් එන්නත් වර්ග 7 ක් මෙම සමාගම මගින් නිෂ්පාදනය කරන බව කියති. එම සමාගම මගින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

එය රෝගියෙකුට මාත්‍රා 3 බැගින් දින 5 කට ලබාදුන්නා යැයි උපකල්පනය කළොත් අද වන විට රෝගීන් 1,733,000 (දාහත් ලක්‍ෂ තිස්තුන්දාහක්) වඩා වැඩි ගණනකට මාත්‍රාවන් ලබාදී ඇත.

EU GMP Compliant (යුරෝපීය නිෂ්පාදන සහතිකයට අනුකූලව) දැනට අප්‍රිකාවට ඖෂධ අපනයනය කෙරේ. තවද නුදුරු අනාගතයේදී යුරෝපීය ප්‍රමිති සහතිකය ලබාගත් විගස යුරෝපයටද ඖෂධ අපනයනය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත. දැනටමත් බහුජාතික සමාගම් පැමිණ තත්ත්ව පරීක්‍ෂාවට ලක්කර එම පරීක්‍ෂණවලින් සමත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී නැවෙස්ටා සමාගමේ කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදනයට (Contract Manufacturing) තෝරාගෙන ඇත. තවද EU GMP විගණන තුනක් හමාර කර අවසාන විගණනයට සූදානම් වෙමින් පවතී.

සාමාන්‍ය ගෝලීය දත්ත අනුව Anaphylaxis 2 -4/10,000 Penicillin (දහදාහකට දෙකක්, හතරක් උග්‍ර ආසාදන) ඇතැවිය හැක. මෙම සමාගම නිෂ්පාදනය කරන Co-Amoxciclav ඖෂධයට මෙතෙක් වාර්තාවී ඇති අසාත්මිකතාවයන් වාර්තාවී ඇත්තේ සාමාන්‍ය අනුපාතයට වඩා බෙහෙවින් අඩු අගයක් වේ. (0.05/10,000) එනම් (දහදාහකට බිංදුවයි දශම බිංදුවයි පහක්) වේ.

ඕනෑම ඖෂධයකට විශේෂයෙන්ම කෝ ඇමොක්සිලින් (පෙනිසිලින් ගණයට අයත්) ඖෂධ සඳහා ප්‍රතික්‍රියා සිදුවේ. නවෝත්පාදකයාගේ (originator) (සිට සාමාන්‍ය නිෂ්පාදකයන් දක්වා එයම සිදුවී ඇත. එවන් තත්ත්වයක් ඇතිවූ විට ඉතාමත් ඉක්මනින් Adrinalin ලබාදිය යුතුම වේ. නියම වෙලාවටAdrinalin ලබා නොදුන්නොත් රෝගියා මිය යෑමට ඇති ඉඩකඩ වැඩිවනු ඇත.

මෙම සිදුවීම් වාර්තා කිරීමේදී කරුණු සොයා බලා වාර්තා නොකළහොත් දේශීය නිෂ්පාදකයන් අප රටට අහිමි වන අතර ඔවුන්ට බෙහෙත් අපනයනය කිරීමට ඇති අවකාශය අහිමි වනු ඇත.
චමින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment