ඊයේ රට පුරා දිව්වේ ප්‍රයිවට් බස් 7000යි

35

ගමේ ගිහින් එන්න බස් නැතිව මගීන්ගෙන් දෝස්මුර

අලුත් අවුරුදු සමයේ ඊයේ (16දා) දිවයින පුරා ධාවනය වූයේ පෞද්ගලික බස් රථ 7000ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

දිවයින පුරා පෞද්ගලික බස් රථ 13,000ක් ඇතැයි පැවසූ ඒ මහතා, අවුරුදු නිසා බොහෝ බස් රථ සේවකයන් නිවාඩු ලබා ගම්බිම් බලා ගොස් ඇතැයි කියා සිටියේය. මෙම තත්ත්වය නිසා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට ප්‍රමාණවත් පරිදි බස් රථ නොතිබූ බවට ජනතාව චෝදනා කළහ.

ධාවනය වූ සුළු ප්‍රමාණයක් වූ බස් රථවල පොල්පටවන්නා සේ මගීන් පටවාගෙන බස් රථ ධාවනය කරවූ බව ද මගීහු පැවැසූහ.

එම චෝදනාව ගැන ගැමුණු විජේරත්න මහතාගෙන් විමසූවිට කියා සිටියේ, එම ගැටලුව අද (17දා) සිට ක්‍රමයෙන් විසඳෙනු ඇති බවය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

වැඩිපුර ගාස්තු අය කළ දුර ගමන් බස් 10කට විනය පියවර

දුර ගමන් සේවා බස් රථවලින් ගම් බිම් බලා ගිය මගී ජනතාවගෙන් නියමිත ගමන් ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කළ බස් රථ 10කට එරෙහිව ඉදිරි දිනවලදී දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා

ගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්‍ෂ ෂෙරින් අතුකෝරළ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (16දා) පැවසුවාය.

කොමිෂන් සභාවේ 1955 ක්‍ෂණික ඇමතුම් අංකයට මගීින් විසින් කරන ලද පැමිණිලි අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ බව ද ඇය කීවාය.

ගම්බිම් බලාගොස් නැවත පැමිණීමේදී දුර ගමන් සේවා බස් රථවලින් වැඩිපුර ගාස්තු අය කරන්නේ නම් ඒ ගැන ද පැමිණිලි කරන ලෙස ඇය මගීන්ගෙන් ඉල්ලා ඉල්ලා සිටියාය.

ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංගමය සමඟ ඒකාබද්ධව ඇරඹූ දුර ගමන් විශේෂ බස් රථ සේවාව ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment