පනාමුරේ මරණය ගැන ඇමැති සරත් වීරසේකරගෙන් විශේෂ ප‍්‍රකාශයක්

385


පනාමුරේ පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අලුයම මියගියාම සම්බන්ධව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළේය. අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මාරා දාලා කියලා කියන එක ක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න. ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යායල පනාමුරේ. මොහු මත්ද්‍රව්‍ය වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා. 2021-11-12 දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. මේ පුද්ගලයාට විරුද්ධව තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතල තුවාල ඇති කළා කියලා. දුව ගිහිල්ලා රෝහල්ගත වෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා. ඊට පස්සෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30 ට විතර. මොහු පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය හොය හොය හිටිය කෙනාව පාන්දර ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එකේ කමිසයේ කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා ඔහුව වහාම රෝහලට ගෙනියන කොට මිය ගිහිල්ල තියෙන්නෙ.මේකට පෙළපාලියටවත්ල උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක් .

advertistmentadvertistment
advertistmentadvertistment