කොරේ පිටට මරේ වැටුණු පෝනි දඩේ

790

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ‍්‍රිතව සහ තුරඟ තරඟ පිටිය අසල සංචාරකයන් රැගෙන යෑම සඳහා ඇති කරනු ලබන පෝනියන් මහාමාර්ගයට පැමිණීම වැළැක්වීමට නුවරඑළිය මහ නගර සභාව දඩ ගැසීමට තීරණය කර තිබේ. කොරෝනා නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවී තිබීම නිසා තමන් ආර්ථික වශයෙන් දැඩි අසිරුතාවට පත් වී ඇති බව පුද්ගලික පෝනි සංචාරක සංගමයේ සමාජිකයෝ ප‍්‍රකාශකර සිටිති.

 නුවරඑළිය නගර සීමාවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිසක් ජීවන උපාය ලෙස පෝනියන් 50 දෙනෙකු පමණ ඇති කරනු ලබයි.

 නිදැල්ලේ අත හැර දමා ඇති පෝනියන් නුවරඑළිය නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගවලට පිවිසීම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණේ. එබැවින් නුවරඑළිය නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතා නිසාත් ප‍්‍රධාන මාර්ගයට පෝනියන් පැමිණිම වැළැක්වීමේ අරමුණින් පෝනි අයිතිකරුවන්ගෙන් දඩ මුදලක් අය කිරිමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන ඇත.

 පෝනියෙකු ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හොත් එක් පෝනියෙකුට රු 2500 ක දඩ මුදලක් අයිතිකරුගෙන් නගර සභාව අය කරගන්නා අතර පෝනියාව නගර සභා භාරයෙන් තබා ගන්නා එක් දිනකට අමතර

 රු 500 මුදලක්ද අය කරන බවයි එම සංගමයේ සමාජිකයෝ කියා සිටියහ.

 තුරග තරග පිටිය තුළ නිදැල්ලේ සැරිසරණ පෝනියන් නගර සභාවේ ඇතැම් සේවකයන් විසින් ගල් ගසා ප‍්‍රධාන මාර්ගයට පලවා හැර පසුව එම නගර සභා සේවකයන් විසින්ම එම සතුන්ව අල්ලා නුවරඑළිය බඹරකැලේ ප‍්‍රදේශයේ පිහිටි නගර සභාව සතු ඉඩමකට රැුගෙන ගොස් ගාල් කරන බව පෝනි සංගමයේ සාමාජිකයන් පැවසීය.

 නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජිවා බොදිමාන්න මහත්මියගෙන් අප කළ විමසුමකට ඇය කියා සිටියේ අය කරන දඩ මුදල සම්බන්ධයෙන් පුර්ණ වගකීම මුදල් කාරක සභාවේ සභාපතිවරයා නගර සභාවේ නගරාධිපතිවරයාට පැවරී ඇති බවය.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment