කොදෙව්වෝ ලකුණු 215ක් පිටුපසින්

252

පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පකිස්තානුවන්ව ලකුණු 217 කට සීමාකිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

 බටහිර ඉන්දීය කොදෙව්හි කිංග්ස්ටන්හි පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ පකිස්තාන කණ්ඩායමේ කඩුලූ 3 බැගින් බිඳ දැමීමට රේසන් හෝල්ඩර් සහ ජෙඞ්න් සීල්ස් සමත් වූහ.

 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ද පළමු කඩුලූ දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට මොහමඞ් අබ්බාස් සමත් වූ අතර පෙරේදා (12 වැනිදා) දිනයට තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලූ දෙකක් දැවී ලකුණු 2 ක් ලබා සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment