ජුනි 10 දා තෙක් ගුවන්යානා ඉන්ධන නෑ

320

රුසියාවේ කසාත් තෙල් සමාගම මෙරටට ගුවන්යානා ඉන්ධන ලබාදීමට ඉදිරිපත්ව තිබියදී එම ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කිරීම නිසා ලබන ජුනි 10 දා වනතුරු ගුවන්යානාවලට ඉන්ධන නැතැයි අනාවරණය වී ඇත.

කොලොන්නාව තෙල් පර්යන්තය දැනට කටුනායකට සපයන්නේ ජෙට් ඉන්ධන මෙටි්‍රක් ටොන් 400කි.

ලබන ජුනි 10 දායින් පසුව ගුවන්යානා ඉන්ධන නොකඩවා ලබාදෙන බව රජය පවසා ඇත.

මේ අතර ගුවන්යානා ඉන්ධන ලබා ගැනීම සඳහා විදේශ ගුවන්යානා කටුනායකට නොපැමිණ ඉන්දියාව වෙත යන බව හෙළි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment