වාස්තු පුරුෂ සංකල්පයෙන් දියුණුව, නිරෝගීකම ඇති කරගනිමු

381

නිවසක් දිශාව හා පංච භූත ශක්තීන්ට අනුකූල ලෙසින් එනම් වාස්තු විද්‍යාත්මක ලෙසින් ඉදිකිරීමටත් අවශ්‍ය නිසා මෙම වාස්තු පුරුෂ සංකල්පය මනඃකල්පිතයක් වුවද මෙවැනි සංකල්පයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මනුෂ්‍යයන්ට වාස්තු අවබෝධය ලැබීමට ද විය හැකිය. කෙසේ වුවද නිවසක් නිවැරදිව ඉදිකිරීමටත් දෝෂ රහිත වීමටත් මෙම පදනම ඉතා ප්‍රයෝජනවත්ය. නිවසක ඊශාන දිශාව සුවිශේෂ දිශාවයි. විශ්වයේ ශක්තිය ආන්තරීය ශක්තිය, දේව ආශිර්වාදය, නිවසට ළඟාවන්නේ ඊශාන දිශාවෙනි.

අන්ධක නැමැති අසුරයා හා ඊශ්වර දෙවියන් අතර දරුණු ද්වන්ධ සටනක් පැවැතියා. මෙහිදී ඊශ්වරගේ සිරුරෙන් දහදිය බිඳුවක් වැටුණේය. එයින් පොළොවේ අසම සම ශරීරයෙන් හෙබි පුද්ගලයෙකු (භූතයෙක් ලෙසින් ද පැවසේ) උපත ලැබීය. මෙය දුටු ශක්‍රදෙවිඳු ඉතා බියට කලබලයට පත්විණි. දැඩි ආවේගශීලිව ශක්‍රයා විසින් එම පුරුෂයාව යටිකුරු කර මහපොළොවට දමනු ලැබීය. හෙතෙම නොසැලී සිටියා ය.

අවසානයේ ශක්‍රයා එකී පුද්ගලයා ගෙන් වරමක් ඉල්ලීය. එහිදී එම යටි කුරුවට සිටි පුද්ගලයා පවසා ඇත්තේ මෙම පොළොවෙහි කවුරුන් හෝ යම් ඉදිකිරීමක් හෝ පොළොව පාවිච්චි කිරීමට ගන්නා අවස්ථාවක තමන් වෙනුවෙන් වාස්තු පූජාවක් කළ යුතුය යන්නය. එතැන් පටන් මෙම භූමියේ නිවසක් ඉදිකරන විට දී වාස්තු පූජාවක්, බහිරව පූජාවක් දී අර පුරුෂයාට කැපකරන්නේය. එලෙස උපත ලද මෙම පුද්ගලයා කවුරුන්ද ඔහු තමයි වාස්තු පුරුෂයා මෙම සංකල්පය දේව මිත්‍යාවක් වීමට හැකිය. නමුත් මෙම වාස්තු පුරුෂ සංකල්පය අදත් ඉන්දියාවේ මහා ඉහළින් සමරය.ි මෙම වාස්තු පුරුෂයාගේ ශරීරයේ සෑම කොටසකම ඔවුන් දෙවිවරුන් ආදේශ කර ඇත. කුමන ආකාරයෙන් වුවද වාස්තු පුරුෂයා හා ඉඩමක නිවසක වාස්තු ගැළපීම සිදු කරන්නේ මෙම වාස්තු පුරුෂයාගේ යටිකුරු පිහිටීම මතයි. එනම් ඔහුගේ ශීර්ෂය පිහිටි ඊශාන දිශාව ද දකුණු බාහුව පිහිටි ගිනිකොණ දිශාව ද හෘදය, පපුව, පිහිටි ප්‍රදේශය නිවසේ බ්‍රශ්ම පාදය ද පිහිටන ආකාරයෙන් එම ශීරීර අංග හීණ නොවී පීඩා නොවී ඉදිකිරීමෙන් වාස්තු විද්‍යාවේ අරුත වන සතුට නීරෝගිකම, ධනය රැඳී නිවසක් ඉදිකිරීමට හැකිය. යම් ආකාරයකට වාස්තු පුරුෂයාගේ හිසට එසේ නැතිනම් පපුවට වගේම අනෙකුත් ශරීරාංගවලට අදාළව යම් නිවසක කරන්නාවූ ඉදිකිරීම් වැරදි ආකාරයට සිදු කරනු ලැබුවහොත් ඒ හා සමානව ගෘහ හිමියාට ද තමන්ගේ ශරීරාංගවලට පීඩා සිදුකරගැනීමට සිදුවේ.

වයඹ දිශාව
ඊශාන දිශාව
නිරිත දිශාව
ගිනිකොණ දිශාව

වාස්තු පුරුෂ සංකල්පයෙන් දියුණුව, නිරෝගීකම ඇති කරගනිමු

මේ ආකාරයෙන් නිවස තුළ තබන ගෘහ භෘණ්ඩ ඇතුළු විදුලි උපකරණ බර, සැහැල්ලු බඩු මුට්ටු තබනවිට ද වාස්තු පුරුෂයාගේ ශරීරයේ කොටස් මත සලකා තැබීම තුළින් වාස්තු දෝෂ වළක්වා ගත හැකිය.

නිවසක් දිශාව හා පංච භූත ශක්තීන්ට අනුකූල ලෙසින් එනම් වාස්තු විද්‍යාත්මක ලෙසින් ඉදිකිරීමටත් අවශ්‍ය නිසා මෙම වාස්තු පුරුෂ සංකල්පය මනඃකල්පිතයක් වුවද මෙවැනි සංකල්පයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මනුෂ්‍යයන්ට වාස්තු අවබෝධය ලැබීමට ද විය හැකිය. කෙසේ වුවද නිවසක් නිවැරදිව ඉදිකිරීමටත් දෝෂ රහිත වීමටත් මෙම පදනම ඉතා ප්‍රයෝජනවත්ය. නිවසක ඊශාන දිශාව සුවිශේෂ දිශාවයි. විශ්වයේ ශක්තිය ආන්තරීය ශක්තිය, දේව ආශිර්වාදය, නිවසට ළඟාවන්නේ ඊශාන දිශාවෙනි. ඉන්දියාවේ නම් නිවසක ඊශාන දිශාව ගන්නේ පූජා කාමරය සඳහා ය. මෙහි දී ඊසානය තුළ හිස තබා සිටින වාස්තු පුරුෂයා මනුෂ්‍ය ශරීරයේ සුවිශේෂී අවයවක් වන හිස ඒ තුළ මොළය ස්නායු පද්ධතිය සියල්ල ම අයත් වේ. එසේනම් අප ඉදිකරන නිවසේ ඊශාන දිශාවේ පෝරණුය (මුළුතැන් ගෙයි) වැසිකිළි ිවළ දැමීම නිසා එම නිවසේ ගෘහ හිමියාට ධනය විනාශ වීම ස්නායුරෝග, අංශභාගය, පිළිකා ගෙඩි, හදිසි අනතුරු, දරුණු සෙම රෝග හිස ආශ්‍රිතව හට ගනී. මෙය පරම සත්‍යයක් බව පවසන්නේ ඊසාන මේ ආකාරයට පීඩාවට පත්ව ඇති නිවෙස් පරීක්‍ෂාවදී මා මෙය දුටු හා දකින සත්‍යයක් නිසාය. ඒ වගේම බ්‍රහ්මපාදය යනු නිවසක 1/4කට අයිති ප්‍රදේශයන්ය. බොහෝ දෙනෙකු සිතන්නේ බ්‍රහ්ම පාදය යනු ලක්‍ෂ්‍යක් එසේත් නැතිනම් තිතක් ලෙසිනි. එය බ්‍රහ්ම පාදය නොව බ්‍රහ්ම පාදය ලක්‍ෂ්‍යයයි. ක්‍ැබඑරු චදසබඑ මෙම බ්‍රහ්ම පාදයට අයත් කොටස වාස්තු පුරුෂයාගේ පපු ප්‍රදේශය වන අතර හෘදය අයත් වන්නේ බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යටයි. ජැබඑරු චදසබඑ නිවසක මෙම කොටස කාමරයකට ගැනීම කිසිසේත්ම සුදුසු නොමැත. මෙය පිහිටු විය යුත්තේ නිවසේ සාලය කොටසට ය. එනමුත් මෙම බ්‍රහ්ම පාද කොටස තුළ කොන්ක්‍රීට් කාණු පඩිපෙළ නොතැබිය යුතුය. ඒ වගේම මෙම වාස්තු පුරුෂයාගේ පපුව ප්‍රදේශය හෙවත් නිවසේ බ්‍රහ්ම පාදය තුළ වැසිකිළි, පොකුණු, දියවැල් නිර්මාණය නොකළ යුතු අතර එවැනි ජල ටැංකි ඉදිකළ පදිංචි වුණ නිවෙස්වල නිවෙස්හිමියන් නන්නත්තාර වී හිඟමනට පත්ව විවාහය ද කඩාකප්පල් කරගෙන හෘද රෝගවලින් මිය යෑමද සිදුවීම වැළක්වීමට නොහැක.

නිවසක ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට ගන්න කීමට ප්‍රධාන හේතු අතර ඊසාන දිශාවෙන් පැමිණෙන ආන්තරීය ශක්තිය බ්‍රහ්ම පාදයේ ක්‍රියා කර නිරිත කාමරයේ තැන්පත් වීමයි.

නිරිත කාමරය ප්‍රධාන නිදන කාමරයට ගත යුත්තේ විවාහක යුවළකගේ බැඳීම, ලිංගික කාර්ය පරම්පරාව යාවත්කාලීන වීම, මෙහි සිදුවිය යුතු නිසාය. වාස්තු පුරුෂයාගේ කකුල් දෙක ලිංගය පිහිටන්නේ මෙම නිරිත කොටස තුළය, නිරිත දිශාව තුළ නිවසේ මුළුතැන්ගෙය, වැසිකිළිවළ, පැවැතීම නිසා ද සුව නොවන රෝග, ධනය විනාශ වීම බිරිඳ සැමියා ගෘහ ජීවිතයේ ගැටුම් ඇතිකරගනී. අන් සබඳතා සොයා යයි. දික්කසාද වේ. දරුවන් නොලැබේ. මේ අකාරයට නිවසක ධන විනාශය, අසමගිය, ලෙඩ රෝග නැතිව සතුටින් ජීවත්වීමට නම් වාස්තු පුරුෂ සංකල්පයට අනුව නිවසක කාමර, සාලය, මුළුතැන්ගෙය නිර්මානය කරගත යුතුය. විශේෂයෙන්ම නිවාස සැලසුම් අඳින ශිල්පීන් මේ සම්බන්ධයෙන් උනන්දු විය යුතුය. නිවසක අලංකාරය අත්‍යවශ්‍ය වගේම කාමර පිහිටුවීම ද නිවැරදි විය යුතුය. මේ සඳහා වාස්තු පුරුෂයාගේ නිසොල්මන්ව සිටින ආකාරය හා ඔහුගේ ශරීරාංග ගැන අවබෝධය ලබාගැනීම වැදගත්ය.

වාස්තු පුරුෂ සංකල්පයෙන් දියුණුව, නිරෝගීකම ඇති කරගනිමු

දේශබන්දු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද
ඩබ්. කේ.ඒ.එම්.චන්ද්‍රසිරි
දු.ක.-0777856649
සඳලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment