ශ්‍රී ලංකාව අසල්වැසියාගේ ග්‍රහණයට හසුවෙලා – ගෙවිඳු කුමාරතුංග

222

ලංකාව ග්‍රහණයට ගැනීමේ ඉන්දියාවේ කුමන්ත්‍රණය වේගවත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීමට යෝජනා වීමත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් ඉදිකිරීමට යෝජනා වීමත් තුළින් මෙය වඩා හොඳින් පැහැදිලි වන බව මන්ත්‍රීවරයා කියයි. උතුරු හා නැගෙනහිර පළාත්වලට ඉන්දියාව බලහත්කාරයෙන් දේශපාලන විසඳුම් ලබාදීමට බල කිරීම මෙරට ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත් කුමාරතුංග මහතා කියයි. එසේම නැගෙනහිර පළාතට කිසිම සම්බන්ධයක් නැති සෙන්දිල් තොණ්ඩමන් එම පළාතේ ආණ්ඩුකාවරයා කිරීම කෙළින්ම ඉන්දීය වුවමනාවක් මත සිදුවූවක් බවත් හෙතෙම කියයි. මේ සියල්ල සිදුවන්නේ 69 ලක්ෂයේ ජනවරමට පටහැනිව බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment