ඩොලරය  රු.300 ට ළංවෙයි

168

ශ‍්‍රී ලංකා රුපියලේ අගය තවත් පිරිහෙමින් මෙරට වාණිජ බැංකු විසින් ඊයේ (23 දා) ප‍්‍රකාශයට පත්කළ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ප‍්‍රථම වරට රු.300 ට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය.

එසේම බැංකු බොහොමයක විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් ඊයේ දිනයේ රු.285 සිට රු.299 දක්වා පරාසයක පවතිනු දැකගත හැකි විය. ඉකුත් මාර්තු 07 දින ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකා රුපියල පා කිරීමට පියවර ගත් අතර ඉන්පසු දිගින් දිගටම ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල පිරිහෙමින් පවතී. මේ තත්ත්වය මෙරට ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට ද හේතුවී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment