ඡන්ද කල් යන කතා බොරු – එජාප සභාපති වජිර කියයි

33

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නොමැති නිසා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින්නේ යැයි පැවසූ වජිර අබේවර්ධන මහතා මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (27 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

ඒ වගේම ඉදිරි කාලය තුළත් ජනාධිපතිතුමාගෙන් ප්‍රයෝජනය ගත යුත්තේ කෙසේද කියා අප කල්පනා කළ යුතුව තිබෙනවා. මේ යන ගමන වෙනස් කළහොත් යළිත් ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විඳීමට සිදු වෙනවා. එනිසා ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. වත්මන් දේශපාලන ක්‍රියාදාමය කඩාකප්පල් කරමින්, වෛරී දේශපාලනයක නිරතව සිටින කණ්ඩායම් රට තුළ සිටිනවා. දෙස් විදෙස් සියලු බලවේගවලින් ශ්‍රී ලංකාව මුදාගෙන ආසියාවේ ප්‍රමුඛ රටක් ලෙස අපේ රට ඔසවා තැබීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් එතුමා කැපවී සිටිනවා. රටේ ජනතාව මෙම තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරියට යා යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment