කැලණි සරසවිය වැසේ

161

ආරක්‍ෂක නිලධාරියෙකු පැහැරගෙන පහරදීලා!
අද පෙ.ව. 8.00 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් වන්න – සියලු සිසුන්ට දන්වයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එහි උපකුලපතිවරිය ඊයේ (4 දා) සවස නිවේදනය කළාය. ඒ අනුව වෛi පීඨය හැර සෙසු සියලුම පීඨ ඊයේ ප.ව. 2.00 සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් අද (5දා) උදේ 8.00 ට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවටත් පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරියකු තම විවේකාගාරයේ නිදාගෙන සිටියදී පැහැරගෙන ගොස් පහරදී පසුව ඔහු ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැට ගසා තිබීමේ සිද්ධියක් මෙම අර්බුදයට හේතුව වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගෙන දෙපිරිස අතර සාමය ඇති කිරීමට මුල් පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බව එහි උපකුලපතිනිය විසින් ඊයේ නිවේදනය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment