මාලිමාවේ කාන්තා උද්ඝෝෂණයට පොලිසියෙන් ජල ප්‍රහාර

248

ජීවන වියදම ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඊයේ (04දා) ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ පැවැත්වූ උද්ඝෝෂණය ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මාලිමාවේ කාන්තා උද්ඝෝෂණයට පොලිසියෙන් ජල ප්‍රහාර

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කිරීමත් සමග එය ව්‍යාර්ථ කිරීමට පොලිසිය මෙලෙස ජල ප්‍රහාර එල්ල කළේය.

විදුලි බිල, ජල බිල ඉහළ යෑමත් ජීවන වියදම දරාගත නොහැකි බවත් පවසමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙලෙස විරෝධතාවේ යෙදී සිටියහ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment