ජාතික පාසල් ව්‍යාපෘතිය මිලියන 2285ක් ගිලලා පුස්ස බින්දා වගේ ප්‍රතිඵලත් නෑ

80

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම භෞතික හා මානව පහසුකම්වලින් සම්පූර්ණ පාසල් තුන බැගින් පිහිටුවා මෙරට 353ක් වූ ජාතික පාසල් සංඛ්‍යාව දහසක් (1000) දක්වා වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2285.2ක මුදලක් වැයකර තිබුණ ද ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් 2021 වර්ෂය තුළ දී පාසල් 622ක අන්තර්ජාල පහුසකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 576ක් වැයකර තිබුණි. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය මගින් පාසල් 822ක් සඳහා එක් පාසලකට රුපියල් මිලියන 02 බැගින් ලබා දෙනු ලැබීය. එමෙන්ම තවත් පාසල් 09ක් සඳහා භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 44.7ක් ද, උපකරණ මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 20.5ක් ද වැයකොට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment