චූදිතයා දරුවා ඉදිරියේ වෙඩි කයි

251


අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බිරිද හා දරුවා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී හම්බන්තොට සූචි ගම්මානය අසලදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (21) රාත්‍රී 09.50ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නැමති 35 හැවිරිදි එක් දරු පියෙක් වන අතර මියගිය පුද්ගලයා සිය බිරිද හා වයස අවුරුදු 4ක පමණ දරුවා සමග පෙරේදා රාත්‍රී 09.50ට පමණ හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ ගමන් කරමින් සිටියදීකිසියම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩි වැදුණු පුද්ගලයා දරුවා බිරිද සමග බිම ඇද වැටි ඇති අතර ඉන් දරුවාට හෝ බිරිදට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වි ඇති අතර කිසිවෙකුත් තුවාල කරු රෝහලට රැගෙනයාමට කටයුතු කර නොතිබුණු අතර පොලිස් නිළධාරීන් පැමිණි තුවාල කරු රෝහලට රැගෙන යන අවස්ථාවේදි මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment