පොලිස් හොරා වේ

197


මුදල් සොරා ගත් බවට චෝදනා කරමින් සිය නිවෙසේ සේවය කළ ආබාධිත තරුණියක් නිරුවත් කොට පියයුරු සහ රහස් පෙදෙස අත පත ගෑ බව කියන පොලිස් නිලධාරියකු කොස්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර් යාලයක සේවය කරන බව කියන ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි අයකි.
මෙම පොලිස් නිලධාරියාගේ බිරිය මීට ‍පෙර මොහු අත්හැර දමා ගොස් තිබෙන අතර කාන්තාවක් සහ අතක් සහ පාදයක් ආබාධයට පත් ඇයගේ දියණිය මොහුගේ නිවෙසේ අවුරුදු දෙකක පමණ කාලයක සිට මෙහෙකාර සේවයේ යෙදී ඇත.
නිදාගෙන අවදි වී බලන විට මුදල් පසුම්බියේ තිබූ රුපියල් දස දහසක මුදලක් නැතැයි කියමින් මවට හා දියණියට චොදනා කරමින් බිය ගන්වා තිබේ.
දියණිය පරීක්ෂා කර බලන්නැයි කියමින් කාමරයකට ගෙන බලහත්කාරයෙන් නිරුවත් කොට පියයුරු සහ රහස් පෙදෙස අත පත ගෑ බව කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment